Local

මුහුණු හඳුනගන්න ස්වයංක්‍රීය යන්ත්‍රයක් ගුවන්තොටුපොළට

Saturday, 06 January 2024 - 8:00 pm

අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ අද(06) ස්ථාපනය කෙරුණි.

මෙහිදී රටින් පිටවීමට හෝ රට තුළට පිවිසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණෙන සියලු මගීන්ගේ ජායාරූප මෙම පද්ධතිය මගින් ග්‍රහණය කර ගන්නා අතර එවැනි අපරාධකරුවෙකු මෙම යන්ත්‍ර අභියසට පැමිණි විගස මෙම පරිගණක පද්ධතිය මගින් විශේෂ අනතුරු හැගවීමේ සංඥා හඩක් නිකුත් කරනු ලබයි .

එසැනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , ආගමන විගමන දෙපාර්තමේන්තු කවුන්ටර අසළ සිටින අපරාධකරු හදුනා ගෙන අත් අඩංගුවට ගැනීම සිදු කරයි .

මේ සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කැමරා 08 ක් සහ පිටත්වීමේ පර්යන්තයේ කැමරා 08 ක් වශයෙන් කැමරා 16 ක සේවා ලබා ගනිමින් සිටින අතර ඉදිරි කාළයේ මෙම පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට නියමිතය.

මෙම පද්ධතිය මගින් අවුරුදු 15 ක් 20 ක් පැරණි ජායාරූප දත්ත වුවත්  උපයෝගී කර ගනිමින් , වර්තමානයේ ඔහු කෙතරම් වෙනස් වීම් වලට භාජනය වී සිටියත් , ලිංගික වශයෙන් සංක්‍රාන්ති අවධි පසු කරමින් ලිංගික වෙනස්කම් වලට භාජනය වී සිටියත් , ඉතා පහසුවෙන් එම පුද්ගලයා හදුනා ගැනීමේ අවස්ථාව මෙම පද්ධතියට හිමි වී තිබේ.

මෙම පද්ධතිය ස්ථාපිත කිරීමේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් , වැඩබලන පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් , මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක , පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති  ප්‍රසාද් රණසිංහ , ආගමන විගමන පාළක හර්ෂ ඉලුක්පිටිය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජනක හපුහින්න , මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක , කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේට් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් විය.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT