Sports

මෙන්ඩිස්ලා උඩ යට මාරු වෙති!

Tuesday, 17 September 2024 - 10:29 am

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියට අදාළ තරග දෙකකට ශ්‍රී ලංකාව සමග තරග වැදීමට නවසීලන්ත ක්‍රීඩකයෝ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.

වසර පහකට පසු ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය දරන්නේ ටිම් සවුති විසිනි.

තවද නවසීලන්ත පිලේ දග පන්දු බළ ඇණිය රංගන හේරත් යටතට පත් වී ඇති අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකේම, දග පනදු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රංගන හේරත්ය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාගණයේ හෙට ඇරඹෙන නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සිදුවන බව සඳහන්වේ.

පිතිකරණයේ ඉහළින්ම සිටින කුසල් මෙන්ඩිස් අංක 6 හෝ 7 දක්වා පහතට ගෙන කඩුළු රැකීම සඳහා යොදාගැනීමට තීරණයක් ඇත.

කමිඳු මෙන්ඩිස් පිතිකරණයේදී ඉහළට ගැනීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඕෂධ ප්‍රනාන්දු පිත්තෙන් දස්කම් දක්වමින් නිල නොවන ටෙස්ට් තරගයේ වීරයා සම්මානයද හිමි කරගත්තේය.

දකුණු අප්‍රිකානුවන් පරාජයට පත් කරමින් විශිෂ්ට දස්කම් පෑ ඔෂධ, දෙවැනි තරගයට ඇතුළත් නොකර නැවත ලංකාවට ඒවා තිබීමෙන් ඔහුට ද නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී

ශ්‍රී ලංකාව වෙනුවෙන් තැනක් හිමිව ඇත.

හෙට පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ධනංජය ද සිල්වා මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

ධනංජය ද සිල්වා (නායක)

දිමුත් කරුණාරත්න

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

ඇන්ජලෝ මැතිව්ස්

දිනේෂ් චන්දිමාල්

කමිඳු මෙන්ඩිස්

සදීර සමරවික්‍රම

ඕෂධ ප්‍රනාන්දු

විශ්ව ප්‍රනාන්දු

ලහිරු කුමාර

ප්‍රභාත් ජයසූරිය

රමේෂ් මෙන්ඩිස්

ජෙෆ්රි වැන්ඩ්‍රසේ

මිලාන් රත්නායක

හෙට පැවැත්වෙන තරගය ක්‍රීඩා ලෝලීන්හට නොමිලයේ නැරඹීමේ අවස්ථාවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසා ඇති බවට නිවේදනය කර ඇත.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT