පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) පෙරවරුවේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පොළොන්නරුව හා මනම්පිටිය අතර මහ මාර්ගය ජලයෙන් යටවීම නිසා මාර්ගයේ බස් රථ ඇතුළු වාහන ගමනාගමනය අත්හිටුවීම හේතුවෙන් පසුගිය 19 දා සිට පොළොන්නරුව හා මනම්පිටිය අතර දුම්රිය සේවාව තාවකාලිකව ආරම්භ කර තිබුණා.
ජලය බැසයාම හේතුවෙන් පොලීසිය පොළොන්නරුව හා මනම්පිටිය මාර්ගය රථ වාහන ධාවනය සඳහා අද පෙරවරුවේ සිට විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් පොළොන්නරුව මනම්පිටිය දුම්රිය සේවාව නතර කිරීමට පියවර ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.