Local

ලංකාවේ ප්‍රථම මී මැසි උයන මෙන්න

Tuesday, 20 May 2025 - 10:21 am

ලංකාවේ ප්‍රථම මී මැසි උද්‍යානය බිංගිරිය, විහාරගම BLESS Nature Park හිදී ( බිංගිරිය දේවගිරි රජමහා විහාරය අසල ) විවෘත කෙරිණි.

ඒ BLESS Nature Park කළමනාකරණ මණ්ඩලයේ සභාපති , බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බිඟුසම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර මහතාගේ සහ BLESS Nature Park කළමනාකරණ මණ්ඩලයේ ලේකම් නිලනොලත් මහෙස්ත්‍රාත්, නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය 18වැනිදා ය.

ශ්‍රී ලංකාවේ මී පැණි අවශ්‍යතාවය සඳහා විද්‍යාත්මකව මී මැසි පාලනය දියුණු කිරීම අවශ්‍ය වී ඇත. දැනට විදෙස් රටවලින් පවා මීපැණි මෙරටට ගෙන්වන අතර ශ්‍රී ලංකාව මී පැණිවලින් ස්වංපෝෂිත කිරීම මී මැසි උද්‍යානයේ ප්‍රධාන අරමුණ වේ. ඒ සඳහා ජනතාවට විද්‍යාත්මකව මී පැණි පාලනය පිළිබඳව ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම අවශ්‍ය වේ.

බිංගිරිය මී මැසි පාලන උද්‍යානය අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආධුනික සහ ප්‍රවීණ මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව ලබා දෙනු ඇත. ප්‍රථම අදියර යටතේ වනාන්තරය පුරා ශාකවල මැටි කලගෙඩි රඳවන අතර එම කලගෙඩිවලට පැමිණෙන මී මැස්සන් පෙටිට් ගත කිරීම දෙවන පියවර වේ. තුන්වන පියවර ලෙස මී මැස්සන් බෝ කිරීම හා සංරක්ෂණය කිරීම සිදුවන අතර ඒ සඳහා අත්‍යාවශ්‍ය බොහෝ ගෝචර ශාකයන් මෙම උද්‍යානය තුල පිහිටා ඇත. එම රමණීය භූමි භාගය අනාගතයේදී දෙස් විදෙස් සංචාරක තෝතැන්නක් වනු ඇත.

ආධුනික මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව, තාක්ෂණික උපකරණ, ලිපි ලේඛන, පොත්පත් සියල්ලම මෙම ස්ථානයේදී ලබා ගැනීමට හැකියාව පවතී. අද දින ආරම්භ කරන වැඩසටහන අනාගතයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය අපූරු දායාදයක් වනු ඇත. මෙම මී මැසි උද්‍යානය සංවර්ධනය කර අවසන් කළ පසු දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත ආරාධනයක් සිදු කිරීමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT