Local

රුසියාව රකින්න යුද්දයට ගිය ශ‍්‍රි ලංකා සෙබළු පිරිසක් යුකේ‍්‍රනයෙන් අල්ලාගනී..

Saturday, 17 August 2024 - 9:40 am

රුසියා යුද්ධයට ගිය ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 05 දෙනෙකු යුධ සිරකරුවන් ලෙස යුක්‍රේන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
තුර්කියේ අල්කාර නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යුක්‍රේන රජය එය නිල වශයෙන් දැනුම් දී තිබේ.
තානාපති කාර්යාලයෙන් ඔවුන්ගේ ඥාතීන්ට දැනුම් දී ඇතිබව එම අමාත්‍යංශය පවසයි.
එම පිරිස අත්තඩංගුවට ගෙන ඇත්තේ රුසියා දේශසීමාව හරහා යුක්‍රේනයට ඇතුළු වූ අවස්ථාවේදීය.
එම පිරිස මුදා ගැනීම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා මේවන විට ආරම්භ කර ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් එම සාකච්ඡා ක්‍රියාත්මක වෙයි.
රුසියා – යුක්‍රේන යුද්ධයට මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් පිටත් කර යැවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් පසුගිය කාලයේ තොරතුරු රැසක් අනාවරණය විය.
එම යුද්ධය අතර තුර මේවන විට ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 06 දෙනෙකු මියගොස් තිබේ.
මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT