Local

හොර තක්කඩි දේශපාලනය කතිරයෙන් අවසන් කරන්න - දිලිත්

Sunday, 15 September 2024 - 10:07 am

තමන් ඉදිරිපත් කර ඇත්තේ පොරොන්දු පත්‍රිකාවක් නොව මහපොළොවේ යථාර්ථයක් කළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙළක් බව සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව කියා සිටියේය.

'මේක පොරොන්දු පත්‍රිකාවක් නෙමෙයි. ශ්‍රී ලාංකික දේශපාලනයේ... මම හිතන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ මෙවැනි උපායමාර්ගික වැඩපිළිවෙළක් ජනාධිපතිවරණයකදී ඉදිරිපත් වන පළවෙනි අවස්ථාව. ඔබ බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව නිර්මාණය වන ආකාරයයි මේ පොතේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ලැබී ඇති මේ තීරණාත්මක අවස්ථාව පාවිච්චිකරමු ඔබත්, අපිත් සිහිනයෙන් දුටු ඒ දියුණු ශ්‍රී ලංකාව නිර්මාණය කර ගන්නට අපි අර පෙට්ටිය ඇතුළට ගිහිල්ලා හෘද සාක්ෂියට එකඟව ඔබ ප්‍රාර්ථනා කරපු ශ්‍රී ලංකාව ඔබ විසින් නිවැරදි කළයුතු ශ්‍රී ලාංකික දේශපාලනය... මේ හොර තක්කඩි දේශපාලනයට විරුද්ධව ඔබේ හදවතේ නැගෙන වෛරය, කෝපය කතිරයෙන් අවසන් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් ආදරයේ සලකුණ වන තරුව ඉදිරියේ කතිරය සලකුණු කරන්න.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT