Local

මෙරට සෞඛ්‍ය සේවාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් පුළුල් සංවාදයක් අවශ්‍යයි – ජනපති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති හමුවේදී පවසයි

Tuesday, 26 March 2024 - 9:55 am

නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ (23) පැවති හමුවකදීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ “නායකත්වය සහ නිපුණතා සංවර්ධන” දෛදින වැඩමුළුවක් (23) පෙළොන්නරුව සුදු අරලිය හෝටලයේ දී ආරම්භ වූ අතර එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගීවීමට පැමිණි සිටි ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දී තම වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ද කෙටි වේලාවකට හෝ පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි ඇරයුමක් ලැබිණි.

එම හදිසි ඇරයුම පිළිගත් ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ සුහද කතා බහක නිරත විය.

යටත් විජිත යුගයේ සිට ගොඩනගාගත් නිදහස් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත් එය ලෝකයම පිළිගෙන ඇති බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අතීත අත්දැකීම්ද සමඟ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කළ යුතු බව සඳහන් කළේය.

කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සෞඛ්‍ය සේවාවට එක් කර ගැනීමේ හැකියාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි වසර 10-15 තුළ මෙම නව පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලුදෙනා සමඟ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

ඒ සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙසද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ආරාධනා කළ ජනාධිපතිවරයා මෙම සියලු සාකච්ඡා දේශපාලනීකරණයෙන් තොරව තර්කානුකූලව සිදු කිරිමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුළු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT