Local

අවශ්‍ය රාජ්‍ය ආයතනවලට නිලධාරීන් නැහැ

Monday, 22 January 2024 - 9:49 pm

රටේ ජනගහණය හා සංසන්දනය කිරීමේදී දෙගුණයකටත් වඩා සංඛ්‍යාවක් රාජ්‍ය සේවකයින් සිටින නමුත් අවශ්‍ය ආයතනවල නිලධාරීන් නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පුහුණු සේවකයින් වශයෙන් බදවා ගෙන අධිකරණ අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුහුණුව ලද සේවකයින් සදහා කාර්යාල කාර්ය සේවයේ iii වන ශ්‍රේණියේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවය සදහා අද (22) පෙරවරුවේ එක්වෙමිනි.

බහුකාර්ය සහායක සේවක පත්වීම් 66 ක් අද දින ලබා දුන් අතර, මේ වන විට 698 දෙනෙකු අධිකරණ අමාත්‍යාංශයට හා ඒ යටතේ ඇති ආයතන සදහා බදවා ගෙන තිබේ.

නව පත්වීම් ලිපි ලබාදීමේ උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

පසුගිය වසර තුනක පමණ කාලයක සිට රාජ්‍ය සේවය සදහා බදවා ගැනීම සිදු කලේ නැහැ. රට තුළ පැවති තත්වය එයට හේතු වුණා. නමුත් විශාල පරිශ්‍රමයක් දරමින් අධිකරණ පද්ධතිය සදහා සේවකයින් බදවා ගැනීමට අපි කටයුතු කළා. වර්තමානය වන විට රාජ්‍ය සේවය ජනතාවට දරන්න බැරි තරමට පත් වෙලා. රටේ ජනගහණය හා සංසන්දනය කිරීමේදී දෙගුණයකටත් වඩා සංඛ්‍යාවක් රාජ්‍ය සේවකයින් ඉන්නවා .නමුත් අවශ්‍ය අවශ්‍ය කරනු ලබන ආයතනවල නිලධාරීන් නැහැ. රාජ්‍ය සේවකයාගේ ඵලදායිතාවය අඩු වෙලා. මෙම තත්වයට දේශපාලඥයින් වගකිව යුතුයි. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය සේවයේ රැකියා ලබාදීම කළ නිසා රාජ්‍ය සේවය නිලධාරීන් වැඩි වුණා. අරමුණක් නොමැතිව රාජ්‍ය සේවකයින් බදවා ගැනීම කළ නිසා රාජකාරියක් නොමැතිව වාඩි වෙලා ඉන්න නිලධාරීන් බොහොමයක් රාජ්‍ය ආයතනවල ඉන්නවා. රාජ්‍ය සේවයට බදවා ගැනීම් සිදු නොකරන වටපිටාවක් තුළ රාජ්‍ය සේවයට එක්වීමට ඔබ සියලු දෙනා භාග්‍යවන්ත වෙලා තිබෙනවා. යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සිදු කරන අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු දෙස ජනතාව සෙසු ආයතනවලට වඩා වැඩි අවධානයෙන් සිටින බැවින් ජනතා අභිලාෂයන් ඉටු වන පරිදි කාර්යක්ෂම අවංක සේවාවක් ලබාදීමට කැපවන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුහ.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT