Local

පේරාදෙණිය කෘෂිකර්ම කථිකාචාර්ය ඖෂධ අධි මාත්‍රාවක් ගෙන මරුට

Tuesday, 23 January 2024 - 5:19 am

මියගිය ආචාර්ය බී.එල් පීරිස් මහතා

ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්යවරයෙකු ඊයේ (22) මියගොස් ඇත.

කෘෂිකර්ම පීඨයට අයත් නිල නි‍වෙසක බිරිඳ සමඟ පදිංචිව සිට ඇති ආචාර්යවරයා ඊයේ (22) අලුයම 1.00ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර තිබේ. මියගොස් ඇත්තේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ආචාර්ය බී.එල්. පීරිස් (60) නැමැති අය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා කීය.

මහාචාර්යවරයාගේ බිරිඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ සේවය කරන අතර මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මරණයට හේතුව සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව බව පොලිසිය පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT