Local

ඖෂධ හිඟය ගැන නි.අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගෙන් ප්‍රකාශයක්

Saturday, 14 June 2025 - 6:48 pm

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. 

 
ඔහි සඳහන් කරන්නේ අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග සඳහා දෙන ඖෂධවල හිඟයක් නොමැති අතර ඖෂධ වර්ග කිහිපයක පමණක් යම් යම් බිඳ වැටීම්ප වතින බවයි. 
 
ඒවාව අවශ්‍ය ප්‍රතිකර්ම ද යොදා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. එමෙන්ම 2026 පමණ වනවිට මෙම හිඟතාවයන් සම්පූර්ණයෙන්ම මග හැර ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. 
 
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, 
''යම්කිසි බෙහෙතක් නැත්නම් ඒවා ප්‍රදේශීව මිලදී ගැනීමේ ක්‍රමවේදයක් අපි ලග තියෙනවා. ඒක නිසා ඖෂධ 180ක් මධ්‍යම බෙහෙත් ගබඩාවේ නැති වුණා කියලා ලෙඩ්ඩුන්ට බෙහෙත් නැති වෙන්නේ නෑ. ඒ වගේම අපි නොයෙකුත් ක්‍රමවලින් මේ සැපයුම් ජාලයේ තියෙන අක්‍රමවත් බව නැති කරන්න කටයුතු කරනවා. ඇත්තටම වෙලා තියෙන්නේ මේ බෙහෙත් සම්බන්ධ කාරණා සංවේදී කාරණා නිසා යම් යම් පුද්ගලයින් සමාජ අවධානය තමන් වෙතට යොමු කර ගැනීම සඳහා මෙම ඖෂධ කියන කාරණාව යොදා ගෙන තිබෙනවා. අපි ඒ පුද්ගලයින්ට කියනවා මිනිස්සු බය කරන්න එපා''


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT