Local

‘සංවර්ධන බැංකුවක්’ ඇරඹීමට රජය ගත් තීරණය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා – හිටපු කථානායක කරු ජයසූරිය

Monday, 01 April 2024 - 8:17 am

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පුනර්ජනනය කිරීම හා අලුතින් ආරම්භ කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන ‘සංවර්ධන බැංකුවක්’ ආරම්භ කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය මෙරට ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසා ඇත්තේ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැවැත්ම උදෙසා මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු පද්ධතියට කළ හැකි සේවය සීමිත බවය. ඊට හේතු වන්නේ සාමාන්‍ය පොලී අනුපාතය හා සුරක්ෂා ලෙස දේපොළ උකස් කිරීමට මෙම ව්‍යවසායකයන්ට පුළුවන්කමක් නොවීම යැයිද එහි දැක්වේ. නව බැංකුව ගොඩනැඟීම සඳහා රජය රුපියල් මිලියන 50,000ක් යෙදවීමට තීරණය කිරීම හා පෞද්ගලික හා විදේශ ආයෝජකයන් හා විදෙස් ආධාර ආයතන හරහා මෙම මුදල රුපියල් මිලියන 100,000ක් දක්වා ඉහළ නංවන්නට සැලසුම් කර තිබීම ද ප්‍රශංසා කටයුතුය. මීට පෙර DFCC බැංකුව හා NDB බැංකුව පිහිටුවන ලද්දේ අපනයන, ග්‍රාමීය කර්මාන්ත, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසාය සඳහා ණය ලබාදීමේ අරමුණින් යුතුවය.

කොවිඩ් වසංගතය හා පසුව ඇති වූ ආර්ථික අර්බුද හේතුකොටගෙන ව්‍යාපාර බිඳවැටෙන අවස්ථාවේදී මෙම බැංකු දෙක තිබුණේ නම් ව්‍යවසායකයන්ගේ සහායට පැමිණෙන්න ඊට හැකියාව තිබිණි. සංඛ්‍යා ලේඛන සඳහන් කළ ආකාරයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 12,000ක් වසා දමන්නට සිදුවිණි. මේ හේතුකොටගෙන රැකියා අහිමි වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධික විය යුතුය.

මෙම බැංකුවේ මූලික අරමුණ හා ප්‍රතිපත්තිය විය යුත්තේ පාඩු නොලබා පවත්වා ගනිමින් දේශීය ව්‍යවසායකත්වය පෝෂණය කිරීම හා ජාතික ආර්ථික සංවර්ධනය ඇති කිරීමය.

මෙම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හා පරාටේ නීතිය නැවත සකස් කිරීම හරහා ඇදහිය නොහැකි ආකාරයේ සංවර්ධනයක් මේ රට තුළ සිදු වන බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන් සුවිශේෂ හැකියාවන්ගෙන් යුත් තරුණයන්ට ව්‍යාපාර සහ සේවා සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම මඟින් නව නිෂ්පාදන සිදු කරමින් අද ඉන්දියාව කළ පරිදි ආර්ථික ප්‍රාතිහාර්යයක් කිරීමට හැකි වන බව නොඅනුමානය.

මෙම බැංකුව ක්‍රියාත්මක කිරීමේදී ලංකා පුත්‍ර බැංකුව පසුගිය වකවානුවේ බොල් ණය ලබා දී කටයුතු කළ ආකාරයෙන් රටේ ධනය විනාශ වීම සිදු නොවන ආකාරයට මෙම ආයතනය කළමනාකරණය කිරීමට රජය වග බලාගත යුතුය. මෙම යෝජනාව වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT