Local

විනෝදයට අංක තහඩුව වෙනුවට පරුෂ වචන ප්‍රදර්ශනය කරලා

Friday, 19 January 2024 - 6:56 pm

දෙනෝ දහසක් බලා සිටියදී  අංක තහඩුව වෙනුවට “පරුෂ වචනයක්” ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා  ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) දා අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව හා බෙල්ලන්විල ප්‍රදේශවල පදිංචි (18) හැවිරිදි දෙදෙනෙකු බව පොලිසිය කියයි .

බොරලැස්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු  අද උදෑසන  බොරලැස්ගමුව නගර මධ්‍යයේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු ලෙස මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක්  පිළිබදව විමසිලිමත් වීමේදී එම යතුරුපැදිය පොලිස් නිලධාරීන් පසු කරනවාත් සමගම එහි පසු පැදිකරු පිටුපස අංක තහඩුව දෑත් වලින් වසා ගනු දැක තිබේ .

ඒ පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන්  යතුරුපැදිය නවතාලන ලෙසට සංඥා කළත් එය නොනවත්වා ධාවනය කිරීම නිසා පසුපස හඹා ගොස් පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව නිවැරදිව ප්‍රදර්ශනය කර තිබූ අතර පිටුපස අංක තහඩුව වෙනුවට ඉංග්‍රීසි අකුරෙන් පුරුෂ ලිංගය හැඳින්වීමට භාවිතා කරන අන්වර්ථ නාමයක් “කුණු හරුපයක් ” ලියා තිබෙනු දැක තිබේ.

ඒ අනුව යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සමග යතුරුපැදිය අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී එහි අංක තහඩුව ගලවා ඒ වෙනුවට පරුෂ වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා මෙසේ ප්‍රදර්ශනය කරමින් ධාවනය කර ඇත්තේ විනෝදයට බවට පොලිසියට පවසා තිබේ.

මෙම තරුණයින් දෙදෙනා අවස්ථා කිහිපයකදී දෙනෝදහසක් බලා සිටියදී   බොරලැස්ගමුව නගරය හරහා මෙසේ යතුරුපැදිය ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා 19 දා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර  සැකකරුවන් දෙදෙනා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.කො (70870) ජගත් (98537) දළුවත්ත ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT