Local

ඉතිරිව ඇති එකම විපක්ෂය සර්වජන බලයයි -දිලිත්

Wednesday, 23 October 2024 - 3:17 pm

මෙරට දේශපාලනයේ ඉතිරි වී ඇති එකම විපක්ෂය සර්වජන බලය බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජිතයින් පිරිසක් අද (23) සර්වජන බලය හා එක්වු අවස්ථාවේ ඔහු ඒ බව ප්‍රකාශක කළේය.

'අද මහපොළොවේ ඉතිරිව ඇති එකම විපක්ෂය බවට පත්වෙලා තියෙන්නේ අපි විතරයි. ඒ නිසා තමයි කියන්නේ අපි එඩිතර විපක්ෂයක් කියලා. අපිට අවශ්‍ය වෙන්නේ මේ මහපොළොවෙ දැන් තියෙන දේශපාලන යථාර්ථය ජනතාවට පැහැදිලි කරලා දීලා, ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය ඒ බලපෑම කරන්න. ඒ නිවැරදි දිශානතිය රජයට පෙන්වන්නත් මේ රටේ සුවහසක් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවෙන පසුබිමක් නිර්මාණය කරගත හැකි පාර්ලිමේන්තුවක් කරා ගමන් කරන්නටත් මේ බලපෑම කරන්න.'     

මේ අතර එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජිතයින් පිරිසක් අද සර්වජන බලය හා එක්වුණි.

ඒ අනුව ඒ.එච්.නෙත්තිකුමාර මහතා මාතර දිස්ත්‍රික් සංවිධායක ලෙසත්, එන්.ජී.එස්.හෙට්ටිආරච්චි මහතා ජාතික වෘත්තිය සමිති සම්න්ධීකාරක ලෙසත්, ලක්ෂ්මි කොඩිතුවක්කු මහත්මිය මාතර දිස්ත්‍රික් කාන්තා කටයුතු සහ මාතර ආසන සංවිධායිකාව ලෙසත් සිය පත්වීම් ලිපි භාරගත්තේය.

එමෙන්ම එච්.එම්.පුණ්‍යතිලක මහතා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන හා ස්වෙච්ඡා සංවිධාන සම්බන්ධීකාරක ලෙසත්, එච්.ඒ.මහින්ද මහතා මාතර දිස්ත්‍රික් පිටවල්ගමුව කොට්ඨාස සංවිධායක ලෙසත් සිය පත්වීම් භාරගනු ලැබුවේ සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අතිනි.

ප්‍රසන්න ආර්.ජාසිංහ මහතා සර්වජන බලයේ ඩිජිටල් මාධ්‍ය සම්බන්ධීකාරක ලෙසත් මොහොමඩ් තවුෆික් සිරාජුදීන් මහතා සර්වජන බලයේ මුස්ලිම් සබඳතා පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙසත් අද දිනයේදි පත්වීම් ලැබීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT