Local

වී මිලදී ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනේ

Friday, 17 January 2025 - 8:47 pm

එළඹෙන මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීම සඳහා ද ත්‍රිවිධ හමුදා සහාය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධ සම්බන්ධීකරණ සාකච්ඡාවක් වාරිමාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය හා තාක්‍ෂණික දැනුම, යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම සඳහා ද අවධානය යොමුවී ඇති බවද සඳහන්.

ඒ අනුව අස්වනු නෙලන කාලය වනවිට ගබඩාවන් හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමාකිරීමට කටයුතු යොදා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT