Local

‘Pekoe trail’ ව්‍යාපෘ­ති­යෙන් කිලෝ­මී­ටර 300ක සංචා­රක මංපෙ­තක්

Monday, 22 January 2024 - 10:56 am

ශ්‍රී ලංකාවේ සංචා­රක කර්මා­න්තය නඟා­සි­ටු­වීම සඳහා ක්‍රියා­ත්මක කිරී­මට යෝජිත ‘Pekoe trail’ ව්‍යාපෘ­තිය පිළි­බඳ ප්‍රගති සමා­ලෝ­චන රැස්වී­මක් ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හා ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජනා­ධි­පති කාර්යා­ල­යේදී පසු­ගි­යදා (19) පැවැ­ත්විණ.

‘Pekoe trail’ ව්‍යාපෘ­තිය යටතේ කිලෝ­මී­ටර 300ක පමණ සංචා­රක මංපෙ­තක් ඇති කිරී­මට බලා­පො­රොත්තු වන අතර මෙම ව්‍යාපෘ­ති­යට ගෝලීය වශ­යෙන් ඉම­හත් ප්‍රසි­ද්ධි­යක් ලැබී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ තේ කර්මා­න්තයේ දියු­ණු­වට විශාල පිටි­ව­හ­ලක් වනු ඇති බවත් මෙම අව­ස්ථා­වට එක් වූ Pekoe trail කණ්ඩා­යම පැහැ­දිලි කළේය.

එමෙන්ම මෙතෙක් ශ්‍රී ලංකාව සංචා­රක ගම­නා­න්ත­යක් ලෙස නොස­ල­කන සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය කර ගැනී­මට මෙම ව්‍යාපෘ­තිය උප­කාරී වනු ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී අද­හස් දක්ව­මින් සාගල රත්නා­යක මහතා සඳ­හන් කර සිටියේ ශ්‍රී ලංකා­වට ඉතා වැද­ගත් ව්‍යාපෘ­ති­යක් ලෙස මෙම ව්‍යාපෘ­තිය වෙත ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ විශේෂ අව­ධා­න­යක් යොමුව ඇති බවයි.

එබැ­වින් මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරී­මේදී පැන­නැඟී ඇති නීති­මය හා අනෙ­කුත් ගැටලු පිළි­බඳ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විස­ඳුම් ලබා­ගත යුතු බවත් මෙම ව්‍යාපෘ­තිය සාර්ථක කර ගැනී­මට සාමූ­හි­ක­ත්ව­යෙන් කට­යුතු කිරීම වැද­ගත් බවත් සාගල රත්නා­යක මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම ව්‍යාපෘ­තිය හා සම්බන්ධ ප්‍රාදේ­ශීය වතු සමා­ගම් සහ අනෙ­කුත් රේඛීය ආය­ත­න­වල නියෝ­ජි­ත­යන් සමඟ සාකච්ඡා කර කඩි­නම් විස­ඳුම් ලබා ගැනී­මට කට­යුතු කරන ලෙස ද සාගල රත්නා­යක මහතා අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් දෙනු ලැබීය.

රාජ්‍ය වැවිලි, ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ කැබි­නට් නොවන අමා­ත්‍යාං­ශයේ ලේකම් එම්.එම්.එස්.එස්.බී යාලේ­ගම මහතා, ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රියේ නිල­ධා­රින්, ප්‍රාදේ­ශීය වතු සමා­ග­ම්වල නියෝ­ජි­ත­යන්, Pekoe trail කණ්ඩා­යමේ සාමා­ජි­ක­යන් ඇතුළු රේඛීය ආය­ත­න­වල නිල­ධා­රීන් පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT