Local

ශිරන්තිව අත්අඩංගුවට ගැනීම වළකා දෙන්නැයි මහින්ද ඉල්ලා නෑ - සමාජ මාධ්‍යයේ කතාවට මල්වතු පාර්ශ්වයෙන් නිවේදනයක්

Monday, 30 June 2025 - 9:36 am

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වත්මන් ජනාධිපතිතුමන් වෙත බලපෑම් කරන ලෙස මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේට ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන පුවත සාවද්‍ය සහ පදනම් විරහිත එකක් බවට නිවේදනයක් නිකුත්කර තිබෙනවා. 

 
මහානායක හිමිපාණන් වහන්සේගේ උපදෙස් හා නියමයන් මත මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මල්වතු මහා විහාරයේ උපලේඛකාධිකාරී මහවෙල රතනපාල ස්ථවිරයන් විසින්. 
 
එවැනි හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති බව යි එම නිවේදනයේ දැක්වෙන්නේ.
 
මෙවැනි අසත්‍ය සහ සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT