Local

බිත්තරයක් රුපියල් 60-65 දක්වා මිල වැඩිවෙනවා..- බිත්තර සභාපති

Wednesday, 13 November 2024 - 1:35 pm

කුකුළු ආහාර නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් බිත්තරයක් රුපියල් 60-65ත් අතර මිලකට ඉහළ යන තත්ත්වයක් උදාවී ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

සහල් මෝල් හිමියන් සහල් පොලිෂ් මිල හා සුණු සහල් මිල තුන් ගුණයකින් වැඩි කිරීම මෙම තත්ත්වයට දැඩිව බලපා ඇති බවද සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කියා සිටී.

ඇතිවී තිබෙන තත්ත්වය මත මෙතෙක් රුපියල් 150කට නිෂ්පාදනය කරගත් කුකුල් කෑම කිලෝවක් මේ වන විට රුපියල් 200 සීමාවට පැමිණ ඇති බවද ඔහු පෙන්වා දෙයි.

අද වන විට බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 38ක් පමණ වුවත් රුපියල් හතක පමණ පාඩුවක් දරමින් බිත්තරයක් රුපියල් 30-31 අතර තොග මිලකට වෙළඳපලට නිකුත් කරමින් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් කුකුළු බිත්තර නිෂ්පාදනය අත හරිමින් ඇති බවත් එවන් තත්ත්වයකදී බිත්තර මිල රුපියල් 60 සීමාව ඉක්මවනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT