Local

දෙනෝදාහක් ඉදිරියේ ගුවන්සේවා නිලධාරිනියගේ ගෙල කපා මරා දමලා

Wednesday, 10 January 2024 - 3:27 pm

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මෝටර් රථයෙන් පැමිණි සාහසිකයකු කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි මාපිටියගේ දුලාංජලී අනුරුද්දිකා (42) නමැති 42 එක්දරු මවකි. ඇය සිවිල් ගුවන් සේවා අධිකාරියේ රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් පැමිණ කහතුඩුව අධිවේගී පිවිසුමෙන් හොරණ කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් කඩුවකින් ගෙලට පහරදී පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. බරපතළ තුවාල ලද ඇය වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඝාතකයා පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ මූලික විමර්ශනවලදී එය අනුරාධපුර ප්‍රදේශයේ එකක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. අනියම් පෙම් සබඳතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම පුද්ගලයා වීසා උපදේශන ආයතනයක් පවත්වාගෙන යන අයකු බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇත. බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ ගොඩනැඟිල්ලක ඔහුගේ කාර්යාලය පිහිටා ඇති බව ද පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

ඇයට මන්නා ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ ඇගේ ගෙලෙන් ගලාගිය ලේ මාර්ගය පුරා තිබෙනු දක්නට ලැබිණි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීහු එම ස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතුවල නිරත වූහ. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි එම්.ඩී.ඩී. නිලංග මහත්වරුන්ගේ උපදෙස් මත කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර, පොලිස් සැරයන් (5205) අසංක ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT