Local

දුවන බසයේ රියැදුරුට කොන්දොස්තර යකඩ පොල්ලෙන් ගහලා

Tuesday, 11 June 2024 - 9:22 am

තලවකැලේ සිට හැටන් දක්වා ධාවනයවූ පෞද්ගලික බස් රථයක් ධාවනය කරන අතරතුර කොන්දොස්තරවරයා රියැදුරුට යකඩ බටයකින් පහරදී ඇති අවස්ථාවේදී රියැදුරු බස් රථය තලවකැලේ පොලිස් ස්ථානයට ඇතුළත් කිරීමට යාමේදී පොලිස් ස්ථානයේ බැම්මේ වැදී කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තලවාකැලේ පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 

එම පෞද්ගලික බස් රථයේ රථයේ රියැදුරු  සහ  කොන්දොස්තරවරයා අතර කාලයක සිට ආරවුල් තිබී ඇති අතර ඔවුන් දෙදෙනා නිතර රණ්ඩු වන බව ද පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.සිද්ධිය වූ දින පෙරේදා (9) තලවාකැලේ බස් නැවතුම් පොළේ බසය නවතා තිබූ අවස්ථාවේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ද පිටුපසින් නැවැත්වීම නිසා කොන්දොස්තරවරයා බස් රථය පණ ගන්වන ලෙස රියැදුරුට පවසා තිබේ.

එහිදී රියැදුරු එය ගණන් නොගෙන සිට ඇති අතර ඉන් කෝපයට පත් කොන්දොස්තරවරයා රියැදුරුට බස් නැවතුම්පොළේ සිට බැණවදිමින් සිට ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ. පසුව රියැදුරු බස් රථය පණ ගන්වා හැටන් දෙසට ගමන් කිරීමේදී කොන්දොස්තරවරයා නැවතත් රියැදුරුට බැණ වැදී අතර පසුව රියැදුරු ද කොන්දොස්තරවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ඇතැයි පොලිසිය පවසයි. ඉන් කෝපයට පත් කොන්දොස්තරවරයා බස් රථයේ තිබූ යකඩ බටයක් ගෙන රියැදුරුට පහරදී ඇති බව පොලිසිය පවසයි. කොන්දොස්තර සිදුකළ පහරදීම් හේතුවෙන් රියැදුරු බස්රථය තලවකැලේ පොලිස් ස්ථානයට ඇතුළු කිරීමට යාමේදී පොලිස් ස්ථානයේ බැම්මක වැදීම නිසා බස් රථයේ සිටි කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා ඇති බවත් පොලිස් ස්ථානයේ බැම්මට ද හානි ද සිදු වී ඇති බව පොලිසිය පවසයි.තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ලිදුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර රියැදුරු ද රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

ගයාන් සූරියආරච්චි


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT