Local

ජන්ද කොට්ඨාස 19 ඡන්ද දැන්වීම් පත්‍රිකාව වෙනස්..

Wednesday, 13 November 2024 - 1:06 pm

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාස 22 අදාළව වෙන වෙනවම නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ ඒ මැතිවරණ කොට්ඨාසයට තරග කරන අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ වෙනස් වීම හේතුවෙනි.

සාමාන්‍යයෙ මැතිවරණයකදි ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඡන්ද පත්‍රිකාවේ එක් තීරුවක අකාරාදි පිළිවෙළට සඳහන් වෙයි.

නමුත් මෙවර මැතිවරණ කොට්ඨාස 03ක් හැර මැතිවරණ කොට්ඨාස 19ක ඡන්ද පත්‍රිකාව තීරු දෙකකට මුද්‍රණය කර ඇතිබව පැවසීය.

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු ආරක්ෂක කටයුතු මේ වනවිට සංවිධානය කර තිබේ.

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරිම පෙරවරුවේ ආරම්භ වීම නියමිත බව පැවසීය.

රාජ්‍ය සේවකයන් ලක්ෂ 02 අධික සංඛ්‍යාවක් මෙවර මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබේ.

මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු තරග කරයි.

ඉන් අපේක්ෂකයන් 5015ක් පක්ෂවලින් ඉදිරිපත් වී සිටියී.

ස්වාධීන අපේක්ෂකයන් 3346ක් මහ මැතිවරණය සඳහා තරග වදීයී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT