Sports

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට?

Thursday, 08 August 2024 - 12:45 pm

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබෙන පාකිස්තානු ටෙස්ට් තරග සංචාරය සඳහා ඔවුන් සැලසුම් කළ දිනට පෙර එරටින් පිටව යාමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

බංග්ලාදේශය තුළ උද්ගතව තිබෙන නොසන්සුන්තාවය පිළිබද එරට ක්‍රිකට් ආයතනය විසින් සත්කාරක පාකිස්තානය දැනුම්වත් කර ඇති අතර, ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව සඳහන්.

තරග 02කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 21වනදා රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් කල්වෙලා ඇතිව පැමිණෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ඔවුන්ගේ පුහුණුකාර මණ්ඩලයට අවශ්‍ය සියලුම පුහුණු පහසුකම් සැපයීමට සිය එකඟතාව පළකර ඇත.

කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායමේ පැමිණීම තීරණය වන්නේ එරට අභිනවයෙන් පත්වීමට නියමිත අන්තර්වාර රජයේ ප්‍රතිචාරය මත බවද සඳහන් ය.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT