දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සඳහා පොලිස් නිලධාරීන් අනියුක්ත කර ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.
මැතිවරණ කාර්යාල 22ක් සඳහා නිලධාරීන් 11 බැගින් අනියුක්ත කර තිබේ. මැතිවරණ පැමිණිලි විමර්ශන කටයුතු සහ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් අදාළ නිලධාරීන් යොදවා තිබේ. ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්‍යාල කටයුතු වෙනුවෙන් ද විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතිබව පොලිසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්,ජේෂ්ඨ පොලිස් අධිකාරි,නීතීඥ ඇතුළු නිලධාරීන් 10 දෙනෙකුගෙන් අදාළ කණ්ඩායම සමන්විත වෙයි.
මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා ද වෙනම පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ. මේ අතර මැතිවරණයට අදාළව මේවන විට පැමිණිලි තුනක් පොලිසිය වෙත ලැබී තිබේ.
හලාවත ,ආරච්චිකට්ටුව සහ කුලියාපිටිය ප්‍රදේශ වලින් එම පැමිණිලි ලැබි ඇතිබව පොලිසිය පවසයි. දුරකතනයෙන් තර්ජනය කිරීම,පෝස්ටර් සිද්ධියකදී ඇතිවූ ගැටුමක් සහ අනවසරයෙන් පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එලෙස පැමිණිලි ලැබි ඇතිබව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.