ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මීට පෙර සහල් කිලෝවක් සඳහා රුපියල් 65 ක් ව පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.