Local

සභා 267ක බලය පිහිටුවනවා

Monday, 26 May 2025 - 4:49 pm

වත්මන් ආණ්ඩුව සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර ආපසු හැරවීමට කිසිවකුට කිසිවිටෙක ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (25) පැවැති හමුවකට එක් වෙමිනි. අලුතින් දේශපාලනයට සම්බන්ධ වන පිරිසට පළාත් පාලන ආයතනවල දොර විවෘත කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළ බවත් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ 3,926ක් වන මන්ත්‍රීවරුන් අතරින් රට බාර ගන්නා නායකයෙක් බිහිවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතන 152ක් මන්ත්‍රීවරු ගැසට් කළ විගසම පිහිටුවීමේ හැකියාව තිබෙන බව ද තවත් සභා 115ක බලයදපිහිටුවන බව කී ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයට තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව සිටින බව ද කීය.

පළාත් පාලන මැතිවරණයේ ජන වරමේ බලය තිබෙනුයේ ජාතික ජන බලවේගය සතුව බවත් ජාතික ජන බලවේගයට එරෙහිව කටයුතු කරන සුන්බුන් ගොඩට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජනවරමක් ලැබී නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙණිය


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT