Local

අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 6ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

Saturday, 18 November 2023 - 5:25 pm

අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 6ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ඩී.එන්.ආර්. අශෝක මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එසේම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කේ.ඩී. සෙනෙවිරත්න මහත්මියගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ. තවද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස සී.ආර්.බී. බෝගොල්ලාගම මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එසේම සිංගප්පූරු වේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ඩී.ඩී.එම්.එස්.බී. දිසානායක මහතාගේ පත්වීමටද, බෙල්ජියමේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්ලිව්.කේ.සී. වීරසේන මහතාගේ පත්වීමටද, සී/ස ලංකා පෙහොර සමාගමේ සභාපතිවරයා ලෙස ආචාර්ය බී.කේ.ජේ.කේ. පෙරේරා මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස් විය.

මේ සඳහා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා,රිෂාඩ් බදියුදීන් සහ උදය ගම්මන්පිළ යන මහත්වරු සහභාගී වූහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT