Local

සරම්ප රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්

Friday, 29 December 2023 - 10:17 am

මේ වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සරම්ප යනු ''මෝබිලි වෛරස්'' ගණයට අයත් ''පැරාමික්සෝ වෛරසය'' මගින් වේගයෙන් බෝවන රෝගයක් වන අතර ශ්‍වසන මාර්ගය හරහා ඇතුළුවන වෛරසය ශරීරගතවී සති දෙකක් පමණ ගත වන විට රෝගී ලක්ෂණ මතුවීම සිදුවන බවයි සඳහන් වන්නේ.

එහි මූලික ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇස් රතු වීම බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

සරම්ප රෝගය වැළඳුනු පසු විවිධ සංකූලතා මතුවිය හැකි බවත් එය නියුමෝනියා තත්ත්වයකට, කන් බිහිරිවීම, මොළයට හානිවීම හෝ මරණයෙන්ද කෙළවරවිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

2024 ජනවාරි 6 වැනිදා සිට දිවයිනම ආවරණය වන පරිදි මාස 6-9 ළදරුවන් සඳහා එන්නත්කරණ වැඩසටහනක් දියත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT