Local

වසන්ත මුදලිගේ ඇතුළු 18 දෙනෙකුට එරෙහි නඩුවක් ගැන දැනුම්දීමක්

Tuesday, 22 October 2024 - 9:35 am

පසුගිය අරගල සමයේ නීතිවිරෝධී ජනරාශියක් වශයෙන් එක්ව මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු සැකකරුවන් 18 දෙනෙකුට අදාළ පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර ඇතැයි පොලීසිය අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ පරීක්‍ෂණ ගොනු, උපදෙස් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව සඳහන් කළේය. 

නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය දැනුම් දුන්නේය. 

ඉන්  අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි 10 වනදා කැඳවීමටද අධිකරණය නියම කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT