Local

දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රාජපක්ෂ රට වෙනුවෙන් මා සමඟ එක් වුණා

Tuesday, 09 April 2024 - 8:15 pm

  • අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නීතිඥ දිවියට හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී ජනපති කියයි.

දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රාජපක්ෂ රට වෙනුවෙන් තමා සමඟ එක්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නීතිඥ දිවියට හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී (05) පැවති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

විජයදාස රාජපක්ෂ යටතේ පුහුණු වන සහ පුහුණුව ලැබූ කනිෂ්ඨ නීතීඥයන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකීය දේශපාලනය සහ නීතීඥ වෘත්තිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන විජයදාස රාජපක්ෂ සාහිත්‍යකරුවෙකු, ලේඛකයකු, ගීත රචකයෙකු ලෙස සහ කලාකරුවෙකු ලෙසද සිදු කර ඇති සේවය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

1977 වසරේ තමා මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි අවස්ථාවේ විජයදාස රාජපක්ෂ හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔහු එකළ එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ අපේක්ෂකයෙකු වූ බවත් සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යවරයා ලෙස  පනත් ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඉදිරි වෘත්තීය කටයුතු වෙනුවෙන් ද සිය සුබපැතුම් එක් කළේය.

පුරා වසර 40ක කාලයක් සිය නීතීඥ දිවියේ පැමිණි ගමන් මඟ සිහිපත් කරමින් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඒම සෑම අවස්ථාවකදිම තමාට සහාය වූ සියලු දෙනාටම සිය ස්තූතිය පිරිනැමූ අතර මෙවන් උත්සවයක් සංවිධානය කිරීම වෙනුවෙන් සිය කනිෂ්ඨ නීතීඥයන් ඇතුළු නීතිඥ ප්‍රජාවට කෘතවේදීත්වය පළ කළේය.

පුරා වසර 40ක කාලයක් කොළඹ අධිකරණ සංකිර්ණයේ නීතීඥවරයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ජනාධිපති නීතීඥවරයෙකු ලෙස ද, නිතීඥ සංගමයේ සභාපති වරයෙකු ලෙස ද, දේශපාලඥයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කෝප් කමිටු සභාපතිවරයෙකු සහ විවිධ රජයන් යටතේ අමාත්‍යාංශ ගණනාවකම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇත.

විජයදාස රාජපක්ෂ නීතිඥ වෘත්තියට ඉටු කළ සේවාව අගයමින් කණිෂ්ඨ නීතිඥයන් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු කතානායක කරූ ජයසූරිය, ජාතික ආරක්ෂාව පිළිඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නීතිපති සංජය රාජරත්නම්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍යතාන්ත්‍රිකයින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු විනිසුරුවරුන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලධාරීන් ඇතුළු නීතිඥවරුන් සහ විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් සහ සමීපතමයින ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT