Local

තවත් පැනිල්ලක් ගැන මනූෂගෙන් හෙළිදරව්වක්

Monday, 19 August 2024 - 7:59 pm

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අලුත්ගම පැවති තරුණ සමුළුව අමතමින් ඔහු මේ අනාවරණය සිදුකළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 'පුළුවන් ශ්‍රී ලංකා' සංකල්පය බලගැන්වීමේ අරමුණින් බේරුවල තරුණ සමුළුව ඊයේ (18) පස්වරුවේ අලුත්ගම ප්‍රදේශයේදී රැස්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

'සමගි ජනබලවේගය කියන්නේ පට්ට සමබර කණ්ඩායමක් විල්පත්තුව කපපු රිෂාඩ් බදියුදීන් ඉන්නවා. විල්පත්තුව කපනවාට විරුද්ධ වුණ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් ඉන්වා. බැඳුම්කර මගඩියට පොත් ලියපු සුජීව සේනසිංහ එතන ඉන්නවා. එතකොට මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු ඩලසුත් ඉන්නවා. කෝප් වාර්තාවට ෆුට්නෝට් දාපු අජිත් පී පෙරේරා ඉන්නවා. මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු සෙට් එකත් එතන ඉන්නවා. ඔට්ටුවලින් ක්‍රිකට් කෑප කියපු අර්ජුන රණතුංගත් ඉන්නවා. ඔට්ටු දාන තිලංග සුමතිපාලත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න එක ටිං ටිං වැඩක් කියපු චම්පිකත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාසත් ඉන්නවා. මේ ළඟදි කිව්වනේ එයාගේ තියෙන්නේ මහ ළාමක ටිංටිං වැඩ කියලා කිව්වේ චම්පික රණවක. හැබැයි ලැජ්ජා නැතිව ඉන්නවා. මොකද පක්ෂය හදන්න ඕනේ කියපුවා දෙන්න ඇති.  

'අද වෙනකොට සජබයේ මන්ත්‍රීවරු 14ක් එළියට බැහැලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට තවත් ඡන්ද තියෙන හතර පහක්, මේ සජබය ගොඩ නඟපු අය එළියට බහිනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT