Local

රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමින් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ තරුණියන්ට පැවරෙනවා

Tuesday, 09 April 2024 - 8:37 pm

  • නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක්.
  • සටන් පාඨ හා තර්කවලට යට වී රටේ අනාගතය අමතක නොකළ යුතුයි – “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමින් ජනපති පවසයි.

නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට (06) පස්වරුවේ එක්වෙමිනි.

කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේදි පැවති මෙම සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් තමන්ගේ ගැටළු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එම බොහෝ ගැටළුවලට එම අවස්ථවේදීම විසදුම් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර අනෙකුත් ගැටළු විසඳිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී මතු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයට ජීවිතය අසමත් වීමට කිසි ලෙසකත් ඉඩ නොතබන බවත්, ගොඩනැගෙන ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් විවර කර දීමට අපේක්ෂා කරන බවත්ය. එමෙන්ම ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහතිකය නිසා වසර දහතුනක අධ්‍යාපනය නවතා දැමීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා පැවසිය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා තරුණ තරුණියන් දැනුවත් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම නීතිගත කරමින් එම සහනය රටට ලබාදීමට කටයුතු කරන බවත්, ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකිරීමේ නව නීතිය මෙම මැයි මාසයේ දී ගෙන එන බවත් සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවිමේ කාලය 2042 දක්වා දීර්ඝ කර ගැනීමටත්, එම ණයවලින් කොටසක් ඉවත් කර ගැනීමටත් සාකච්ඡා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට නම් අපනයන ආර්ථිකයක් කඩිනමින් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය. මෙරට තරුණ තරුණියන් නවීන තාක්ෂණයෙන් බල ගන්වමින් ඔවුන් රටේ ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ රජය සතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක , හිටපු අමාත්‍ය පී. හැරිසන්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු පිළිබඳ) රජිත කීර්ති තෙන්නකෝන් , ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, උතුරු මැද පළාත් හිටපු විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ .


Top Stories
wedivistara

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට

wedivistara

පරික්ෂා නොක​ර නිදහස් ක​ලේ ආණ්ඩු​වේ ආණ්ඩුකාරයෙකුට අයිති බහාලුම් වගයක් - විමල්

wedivistara

බහාලුම් ගැන එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර

wedivistara

ආර්ථික වර්ධනයට අවශ්‍ය සෘජු විදෙස් ආයෝජන සඳහා පහසුකම් සැලසීම අපි කඩිනම් කරනවා - ජනපති

wedivistara

පරික්ෂාවෙන් තොරව නිදහස් කළ බහාලුම් පිළිබඳව රේගුවෙන් පැහැදිළි කිරීමක්

wedivistara

වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම අද සිට සිදු කෙරේ

Trending
wedivistara

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

wedivistara

ආපදා සහන සේවා සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

බන්ධනාගාරගත කර සිටියදී රෝහලෙන් පැන ගිය සැකකරු, බීමතින් රිය පදවා නැවත අත්අඩංගුවට

wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

wedivistara

2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණ 188 ක්


NEWS ALERT