Local

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන්

Thursday, 19 September 2024 - 9:39 am

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.

අනිද්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වු අතර මැතිවරණය පැවැත්වෙන කාලසීමාව දක්වා වු කාලය නිහඬ කාලය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
 
ඡන්ද දායකයෙකු ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමේ දී රැගෙන යා යුතු දේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේ පැහැදිලි කළේය.

'ඔබ අනිවාර්යෙන්ම හැඳුනුම්පත, නිල ඡන්ද පත්‍රිකාව සමග රැගෙන යා යුතුයි. පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ජාතික හැඳුනුම්පත, ඒ වගේම වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රයක් රැගෙන යා හැකියි. මේ වන විටත් වලංගු බලපත්‍ර එලෙස රැගෙන යා හැකියි. පුජක පක්ෂය වෙනුවෙන් නිකුත් කරන හැඳුනුම්පත භාවිත කළ හැකියි. විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත හා ආබාධිත ඡන්ද දායකයින් සඳහා කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත හෝ කිසිදු හැඳුනුම්පතක් නොමැති නම් ග්‍රාම නිලධාරීවරයා හරහා කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත යන ඕනෑම එකක් ඡන්දය දැමීමට වලංගු වේ.'

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතී.

ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

'යම් කෙනෙකුට ඡන්ද භාවිත කිරීමට අවශ්‍ය නම් කතිරය ලකුණ භාවිත කළ හැකියි. පහුගිය මැතිවරණ හා සමානව කතිර ලකුණ කොමිෂන් සභාව පිළිගනු ලබනවා. ඊට අමතරව අරාබි ඉලක්කම් 1 ලකුණ යොදා ඔබට ඡන්දය භාවිත කළ හැකියි. ඔබට යම් අයෙකුට මනාප සලකුණු කරන් අවශ්‍ය වන්නේ, නම් අනිවාර්යයෙන්ම අරාබි ඉලක්කම් 1 සහ අරාබි ඉලක්කම් 2න් එක් මනාපයකුත් අවශ්‍ය නම් මනාප දෙකක් ලකුණු කිරීමේ හැකියාව තියෙනවා. තුනෙන් දෙවැනි මනාපයත් ලකුණු කළ හැකියි. යම් අයෙකුට මනාප ලකුණු කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබ අරාබි ඉලක්කම් 1,2,3 භාවිත කළ යුතුයි. මෙයින් බැහැරව කුමක් භාවිත කළත් එය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සැලකේ.'

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් හට ඒවා ලබා ගැනීම සඳහා ලබන සෙනසුරාදා දිනයේ ද තැපැල් කාර්යාල විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ තුනක් පමණ තැපැල් කාර්යාලවල ඉතිරිව පවතින බවය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT