Local

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීමට රජයේ අවධානය

Tuesday, 12 November 2024 - 2:29 pm

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් ජී. එන්. ආර්. ඩී. අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (11) ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති බව සඳහන්.

එහිදී සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැති භාවය නිසා දෙන ගැටලු පිළිබඳ මෙහිදී සකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට අත්හිටුවා ඇති අතර එය ලබන දෙසැම්බර් මස 15 වනදා කල් ඉකුත් වීමට නියමිත බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් යුතු ඉදිරි පියවර පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහාය ද, මේ වන විට සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී ඇති බව සඳහන්.

තවද සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබාගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

මේ වන විට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබාදී තිබෙන ණය නැවත අය කර ගැනීම තාවකාලික අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.


Top Stories
wedivistara

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

wedivistara

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

අපරාධ සැකකරුවකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමේ බලපෑම

wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

Trending
wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

දේශබන්දුයි, සෙව්වන්දියි ඉන්න තැන වටගල දන්නවා නම්, ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? - අජිත් පී. පෙරේරා

wedivistara

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට

wedivistara

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි


NEWS ALERT