Local

“දේශගුණික යුක්ති සංසදයක්” සඳහා ජනපතිගේ යෝජනාවට එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ සහාය

Saturday, 02 December 2023 - 9:52 pm

  • දේශගුණික විපර්යාස අවම කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයන් COP28 සමුළුවේදී ලෝක නායකයන්ගේ ප්‍රසාදයට.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව අද (02) සිදු කළේය.

ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් මහත්මිය (Inger Andersen) සහ උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ඇසිං ජේන් රූත් යන මහත්ම මහත්මීන් ද (Dr. Aceng Jane Ruth) ද එක්ව සිටියහ.

“දේශගුණික යුක්ති සංසදය” දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා වූ සාමුහික ප්‍රයත්නයට සියලු පාර්ශ්වයන් ඒකරාශි කර ගනිමින් ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලිව කැපවීමේ ආරම්භක පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙය රාජ්‍යයන්ට පමණක් තනිව ඉටු කළ හැකි කාර්යයක් නොවන අතර මේ වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වයේ ඇති වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අලාභ හා පාඩු අරමුදලට වෙන් කර ඇති මුදලට වඩා වැඩි මුදලක් යුක්‍රේනය යුද්ධයටත්, ගාසා තීරයට බෝම්බ හෙළීමටත් වැයකර ඇති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණය පිළිබඳ ගැටලුවලට මුදල් වෙන් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

දේශගුණික විපර්යාස ඉහළ යාමේ තර්ජනයට ස්ථීර විසඳුමක් ලෙස “දේශගුණික යුක්ති සංසදය” පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ බවත් ඒ සමඟ එක්වන ලෙස තමා සියලු රටවලට ආරාධනා කරන බවත් පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාමට පාර්ශ්වකාර රටවල් සමඟ සහයෝගයෙන් එක්වන ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මෙන්ම යුරෝපා සංගමයෙන් ද ඉල්ලීමක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් මහත්මිය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනට අවශ්‍ය ක්‍රියාමාර්ග සහ වර්තමාන ප්‍රයත්නයන් අතර පවතින විෂමතාව අවධාරණය කළාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු අවම කර ගැනීමට සියලු රටවල් ඒකරාශී කිරීමේ ප්‍රබල බලවේගයක් ලෙස මෙම “දේශගුණික යුක්ති සංසදය” කටයුතු කරනු ඇති බව පැවසූ විධායක අධ්‍යක්ෂවරිය “දේශගුණික යුක්ති සංසදය” සාදරයෙන් පිළිගත්තාය.

පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමේදී දේශගුණික යුක්ති සංසදය වැනි මුලපිරීම් ඉතා වැදගත් බවයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ද මෙහිදී අදහස් දැක්වීය. දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවලට අමතරව ඉන් ඔබ්බට ඒ වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් දැරිය යුතුව තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය. තිරසර අනාගතයක් සඳහා ගෝලීය වේදිකාවකට බලපෑම් කිරීම ඉලක්ක කර ගනිමින් දේශගුණික යුක්තිය සංසදය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ඇතුළත් කරන බවද විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.

උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය ඇසිං ජේන් රූත් (Aceng Jane Ruth) මහත්මිය ද දේශගුණික යුක්තිය සංසදය සාදරයෙන් පිළිගත් අතර දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනට ප්‍රබල නායකත්වයක් ලබාදීමට එයට හැකිවනු ඇති බව සඳහන් කළාය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක, මධුර විතානගේ, අජිත් මාන්නප්පෙරුම, එම්.රමේෂ්වරන් යන මහත්වරුන් ද දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති පරිසර උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රී, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT