Local

ආයුර්වේද නිෂ්පාදනයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි

Thursday, 04 January 2024 - 5:05 pm

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.
පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳාගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ආයුර්වේද සංස්ථාවේ මූලිකත්වයෙන් ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන (බොඩි මන්ත්‍ර) දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වාදෙන බව බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මෙසේද පැවසීය,
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ රැසක් ලබාගැනීමට මේ වන විට අප සමත් වී තිබෙනවා. ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කර ගැනීම සඳහා රජය තීරණය කර තිබෙනවා. එමඟින් සෞඛ්‍ය සේවයේ වියදම් අවම කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
පාරම්පරික වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීමට විශේෂ කාර්යාංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. පාරම්පරික වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් විධිමත් ආයතනයක් ගොඩනගන තෙක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසදාගැනීම සදහා මෙම විශේෂ කාර්යාංශය පිහිටු වෙනු ඇති. ලියාපදිංචි වූ සහ ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සඳහා නිසි පිළිගැනීමක් ඇති කිරීම, එම වෛද්‍ය ක්‍රමය පිළිබදව අධ්‍යයනයන් සිදුකිරීම සහ නිසි ක්‍රමවේදයක් සකස් කිරීම මෙන්ම එම වෘත්තීය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම එමඟින් සිදුකිරීමට නියමිතයි.
ඒ පිළිබදව සාකච්ඡා කිරීමෙන් පසු, මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි, සංදේශයේ 03 ඡේදයේ 03.1 අනුඡේදයෙහි යෝජිත අයුරින් පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම පිණිස අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපිත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ වගේම ආයුර්වේද සංස්ථාව මූලික වෙමින් ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන (බොඩි මන්ත්‍ර) දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා. මෙමඟින් දේශිය වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදුවනු ඇතැයි අප විශ්වාස කරනවා. උපාධිධාරී පුහුණු සම්භාහකයින්ගේ අධීක්ෂණය යටතේ ශාරීරක සුව සත්කාරක සේවය ඇති කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගය ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට නියමිතයි.
මෙය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දේශීය වශයෙන් හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන සියලුම ආයතනවලට මේ සඳහා ලියාපදිංචි වන ලෙස අප ආරධනා කර සිටිනවා. ඒ පිළිබද පුවත්පත් දැන්වීම මේ මස 10 වනදා නිකුත් කෙරෙනවා.
එමෙන්ම මෙම වසර අවසාන වීමට පෙර දේශීය ඖෂධ නිෂ්පාදනය සහ වගා කිරීම වාණිජ කර්මාන්තයක් ලෙස නගාසිටුවීමට බලාපොරොත්තු වනවා. එය මේ දක්වා පැවතුණේ යැපුම් මට්ටමින් වන අතර මින් ඉදිරියට වාණිජ මට්ටමින් සිදු කිරීමට අප සූදානම් බව සඳහන් කළ යුතුයි.
දකුණේ වැසි සහිත කාලගුණයට අදාළව වී වගා කෙරෙනවා. එම තත්ත්වය මත අපට අස්වැන්න ලබාගත හැක්කේ එක් වතාවක් හෝ දෙවතාවක් පමණයි. නමුත් වී වගාවට සමාන්තරවම තිප්පිලි ද වගා කළ හැකියි. එය එකම දේශගුණික සහ පාරිසරික තත්ත්වය මත කන්න හතරකට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වී කිලෝ එකක් රුපියල් 150 හෝ 200ක් වන අතර තිප්පිලි කිලෝ එකක් රුපියල් 9000කට අලෙවි කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා සාම්ප්‍රධායික වගා ක්‍රම වෙනුවට වාණිජමය වගාව කෙරෙහි යොමු කිරීමට ද අප සූදානම් බව සඳහන් කළ යුතුයි. දේශීය වශයෙන් අමුද්‍රව්‍ය අප රට තුළම නිෂ්පාදනය කරගැනීම මෙහි තවත් අරමුණක් වනවා.
ඒ වගේම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරතවන රාජ්‍ය සේවකයින් සඳහා “සුව දරුවෝ වැඩසටහන” මගින් නීරෝගී සහ දියුණු අධ්‍යාපනයක් ලබාදීමට ද අප බලාපොරොත්තු වනවා. ආයුර්වේද සභා බලගැන්වීම ද අපගේ තවත් අරමුණක් වනවා. එමෙන්ම ඉදිරි මාස කීහිපය තුළ අප රටේ සිටින දේශීය ඖෂධ නිෂ්පාදකයින් සහ එම ක්ෂේත්‍රයේ නිරත සියලුම නිෂ්පාදකයින්ට “ජනාධිපති රන් සම්මාන” ලබාදීමේ වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කෙරෙමින් තිබෙන බව කිව යුතුයි.


Top Stories
wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ - මහින්ද කහඳගම

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී 20 වනදා දක්වා රිමාන්ඩ්

wedivistara

අනුර කුමාර දිසානායක හා UN නේවාසික සම්බන්ධීකාරක අතර හමුවක්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි තිදරු පියා විදුලිසර වැදී මරුට

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT