පාසල්වල ලෝක ළමා දිනය හා ගුරු දිනය ඇතුළු විවධ උත්සව සැමරීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබි ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය පැවසූවාය.
මේ හේතුවෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත් වෙයි.
මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතුය.
එමෙන්ම මෙවැනි උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සිදු නොකළ යුතු බව වැඩිදුරටත් පැවසුවාය.