Local

අලුත් සභාපතිට දුෂණ චෝදනා.. අල්ලස් දුෂණ පැමිණිල්ලක්..

Wednesday, 23 October 2024 - 2:47 pm

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරියකුට විශ්‍රාම වැටුප් ගෙවීම තීරණය කර ඇතැයි එම මණ්ඩලයේ සේවකයෝ චෝදනා කරති.

අදාල විගණන නිලධාරියාට විශ්‍රාම වැටුප් ගෙවීම විදුලිබල මණ්ඩලයේ පැවැති අධ්‍යක්‍ෂ මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබියදී එම මණ්ඩලයේ අනු කමිටුවක් වන විශ්‍රාම වැටුප් අරමුදල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බවත් නව ආණ්ඩුව පත්කළ සභාපතිවරයා යටතේ මෙවැනි අකටයුතුකම් වීම කෙසේවත් පිළිගත නොහැකි බවත් සේවකයෝ පවසති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන බවත් මහජන දේපළක් වන එම අරමුදල අවභාවිත කිරීම දූෂණ විරෝධී පනත යටතේ විශාල වරදක් බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසූහ.

මෙය විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වයස අවුරුදු 55 න් පසුව විශ්‍රාම වැටුපක් ගෙවීමට සේවකයන්ගේ කිසිදු මූල්‍ය දායකත්වක් නොමැතිව ලංකා විදුලිබල මණ්ඩල පනතේ ප්‍රතිපාදනවලට අනුව පිහිටුවූ අරමුදලක් බව කියන සේවකයෝ එම මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එම අරමුදල පරිපාලනය කරන බව ද සඳහන් කරති.

විදුලිබල මණ්ඩලයේ වසර 20ක් හෝ ඊට වැඩි අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන්ට පමණක් මෙම විශ්‍රාම වැටුපට සුදුසුකම් ලබන බවත් විශ්‍රාම වැටුපට සුදුසුකම් නොලබන නිලධාරියෙකුට විශ්‍රාම වැටුප් ගෙවීමට එම කමිටුව අන්දොලාත්මක තීරණයක් ගෙන ඇති බවත් ඔවුහු කියති.

විශ්‍රාම වැටුප නිර්දේශ කරන ලෙස මෙම නිලධාරියා පසුගිය ජූලි මාසයේදී විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කළ ඉල්ලීම පැවැති අධ්‍යක්ෂ මණ්ඩලය වසර 20 ක අවම සේවයක් සම්පුර්ණ කර නොමැති වීමේ හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බව කියන එම මණ්ඩලයේ සේවකයෝ ඒ මහතා ඉන් පසුව විශ්‍රාම වැටුප් කමිටුවට යොමු කළ ඉල්ලීමකට අනුව අදාල නිලධාරියා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලය ද සැළකිල්ලට ගෙන ඇති බවත් සේවකයෝ පවසති.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT