Local

ඒඩ්ස් ව්‍යාප්තිය සියයට 300කින් ඉහළට

Saturday, 17 August 2024 - 11:11 am

මේ වනවිට මෙරට ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය සියයට තුන්සියයකින් ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
2018 වසර වනවිට ජනගහනයෙන් මිලියනයකට ඒඩ්ස් රෝගීන් 0.03ක් පමණ හඳුනා ගැනීමට සමත් වුවද මේ වනවිට එම අගය දශම එක දක්වා එනම් සියයට තුන්සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම මේ වනවිට දිවයින පුරා ඒඩ්ස් රෝගීන් තුන්දාස් පන්සීයක් පමණ හඳුනාගෙන ඇති අතර, එයට අමතරව ළමුන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඒඩ්ස් රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ නවතම දත්ත උපුටා දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා.
රෝගීන් හඳුනා ගන්නා ප්‍රතිශතය අනුව අවම වශයෙන් ශ්‍රී ලංකාව තුළ රෝගී පන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිටිය යුතුවන අතර, මේ අනුව සායන වලට නොපැමිණි මේ දක්වා හඳුනා නොගත් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බවද ඔහු පවසනවා.
දැනට හඳුනාගෙන සිටින රෝගීන්ගෙන් සියයට අසූ එකකට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර, ඉදිරි කාලයේදී රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය වැඩි වීමක් සිදුවිය හැකි බැවින් මේ සම්බන්ධව ජනතාව දැනුවත්ව සිටීම ඉතා වැදගත් බවයි ඔහු සඳහන් කරන්නේ.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික ආශ්‍රිතව වැඩිම එඩ්ස් රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බවත්, වාර්ෂිකව නවක ඒඩ්ස් රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණය හත්සීයකට අසන්න බවත්, ඔහු පවසනවා. තවද, සමලිංගික සබඳතා, ලිංගික ශ්‍රමිකයන් සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයින් අතර රෝග ව්‍යාප්තිය බහුල වන අතර, පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරද රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බව හඳුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT