නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු රග්බි තරගය අද (04) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව අද පස්වරු 4.00 ට මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.
මෙම තරගයේදී ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය නයිජල් රත්වත්තේ දරණ අතර ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුළත් කර තිබෙනවා.