Local

චිත්‍ර ශිල්පියා තුවක්කු හදලා ආයුධ රැසක් සමඟ කොටු වෙයි

Thursday, 18 January 2024 - 8:17 pm

ටි 56 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් ඇතුළු ගිනි අවි නිෂ්පාදනය කළ චිත්‍ර ශිල්පියකු ටී. පනස් හයේ ජීව උණ්ඩ සමඟ ඉංගිරිය කොස්සේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

එම සැකකරු සමඟ ටි 56 වර්ගයේ උණ්ඩ දැමීම සදහා මෙරට සකසන ලද ගිනි අවියක්, ටි 56 ජීව උණ්ඩ 3 ක්, ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක්, කඩුවක්, හමුදා නිලධාරින් භාවිතා කරන ආරක්ෂක හිස්වැසුමක් පොලිස් භාරයට ගෙන ඇත.

යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ හොරණ සහ ඉංගිරිය පොලිසියට අනුයුක්ත නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන නිවස තුළ සිදු කළ පරික්ෂාවේ දී මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

ටී. පනස් හයේ ජීව උණ්ඩ තුන අල්මාරියේ ලාච්චුව තුළත්, ටී පනස් හයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවිය, කඩුව, හමුදා ආරක්ෂක හිස් වැස්ම මුළුතැන් ගෙයි තිබීත්, අනෙක් ගිනි අවිය කාමරයේ ඇඳුම් රඳවනයේ එල්ලා තිබියදීත් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරුට විරුද්ධව ගල්කිස්ස සහ හොරණ මහේස්ත්‍රාත් අධිකරණවල කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය හා කෝලාහල නඩු ගණනාවක් පවතින බවද පොලිසිය පවසයි.

මෙම ගිනි අවි අපරාධ සඳහා යොදාගෙන තිබේද, අපරාධකරුවන් වෙත ලබා දී තිබේද, ඔහුට ටී පනස් හයේ උණ්ඩ ලැබුණේ කෙසේද, යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකිරීමට නියමිතය. 54 හැවිරිදි සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ හොරණ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් සිල්වා මහතා ඇතුළු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂක, හා ස්ථානාධිපති ඇතුළු හොරණ සහ ඉංගිරිය බුද්ධි නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT