Local

සහල් මිල වැඩි කල යුතුයි.. නැතොත් හිගයක්.. – මෝල් හිමියන් ජනපතිට දන්වති..

Saturday, 26 October 2024 - 6:14 pm

රට තුළ ඉදිරි කාල සීමාවේදී සහල් හිඟයක් ඇති නොවීමට නම් ගොවීන් සතු වී තොග වෙළඳපොළට පැමිණිය යුතුව ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව වී කිලෝවක් සඳහා ගොවීන්ට ගෙවන මුදල නාඩු කිලෝවකට රුපියල් 130ක් හා සම්බා වී කිලෝවක 135ක් ලෙස ඉහල දැමිය යුතු බවද සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පැවසීය.

වි වලට අදාළව සහතික මිල ඉහළ දැමීමට සාපේක්ෂව සහල් වලට පනවා තිබෙන පාලන මිලත් ඉහල දැමිය යුතු බව හෙතෙම කියා සිටියි.

දැනට මෝල් හිමියන් සතුව පවතින්නේ රුපියල් 120කට හෝ ඊට වැඩි මිලට ලබාගත් වී තොග නිසා මෙම තොග සහල් බවට පත්කර පවතින පාලන මිලට අලෙවි කළහොත් මෝල් හිමියන්ටද පාඩු සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම මිල වෙනස් කිරීමට අදාළ ඉල්ලීම ජනාධිපති අනුර දිසානායක මහතාට දැන්වූ බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT