Local

විවේචන වලින් පසු 'වසන්ත නාටක එපැයි' පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

Saturday, 13 July 2024 - 7:25 am

සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.
ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශන වලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමිනි.

මෙයට ආසන්න හේතුව වූයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය සම්බන්ධිත සැකකරුවන් කරන පාපොච්චාරණ , සීසීටීවී දර්ශන ඇතුළු සංවේදී කරුණු රැසක් ඇතැමුන් අගතියට පත්කරමින්, කිසිදු නියාමනයකින් තොරව හා පරීක්ෂණ වලට බාධාවන අයුරින් මාධ්‍ය වෙත ලබාදෙන්නට පොලිසිය ගත් උත්සාහයයි. මෙම උත්සාහය 'නාටකයක්' බවත් ඝාතන සැලසුම වෙනත් අයෙකු කර ඇතිචැයි ඒ ගැන සැකයක් මතුවන බවත් ඇතැමුන් අදහස් දක්වන්නට පවා මේ නිසා හේතුවිය.

පොලිස්පතිගේ චක්‍රලේඛනය පිටවන්නට පෙර දුලාන් නමැති සැකකරුගේ නීතීඥයාත් සමගි තරුණ නීතීඥ ව්‍යාපාරයත්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂත් මෙම නාටකය දැඩි දෝෂාරෝපණයට ලක්කර තිබුණි.

සැකකරුවන්ගේ පාපොච්චාරණ, සාක්ෂි සහ අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍යයට නිකුත් කිරීම නීතිමය ක්‍රියාවලියට අහිතකර පමණක් නොව ඊට සම්බන්ධ අයගේ ජීවිතවලට තර්ජනයක් බව සමගි තරුණ නීතිඥ ව්‍යාපාරය පෙන්වා දුන්නේය.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී වීඩියෝ දර්ශන නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොලිසියට දැඩි දෝෂාරෝපණයක්
අද පාර්ලිමේන්තුව අමතමින් සිදු කළේය.

එය නීතිය උල්ලංඝණය කිරීමක් බව පවසමින් ඔහු කියා සිටියේ එවැනි තත්ත්වයක් යටතේ එවැනි ප්‍රශ්න කිරීම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවිය යුතු බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT