Local

පාස්පෝට් පෝලිමේ ජනතාවට සුබ පණිවුඩයක්…

Saturday, 02 November 2024 - 10:14 pm

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර මේ වන විට 50,000ක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර් මස අග භාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද වන ලෙස 750,000ක හිස් විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීමට නියමිතය.

ඊට සමගාමීව තවත් හිස් ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කොට ඇත.

ඉහත තත්ත්වය යටතේ මේ වන විට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන අතර දෙසැම්බර් මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන් බලපත්‍ර ප්‍රමාණයට සරිලන ආකාරයට ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සකස් කිරීමට මෙම දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනු ඇත.

විධිමත් පරිදි දිනයක් හා වේලාවක් මාර්ගගත ක්‍රමය යටතේ වෙන් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එම ක්‍රම වේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද දැනුම් දෙනු ලැබේ.

පාලක ජනරාල් (වැ.බ.)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT