Local

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

Wednesday, 21 May 2025 - 8:46 am

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ හා බන්ධනාගාර රියදුරෙකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසනවා.

පසුගිය 16 වැනිදා පස්වරුවේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක්, රැඳවියෙකු හා එම රැඳවියාගේ පවුලේ උදවිය සමග වැලිගම නගරයෙන් බැහැර ස්ථානයක නවතා තැබීමේ සිදුවීමකට අදාළව සිදුකෙරෙන මුලික පරික්ෂණයට සහායක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙම බන්ධනාගාර බස් රථය රැඳවියෙකු සමග වැලිගම දුම්රියපොළට ආසන්නව නවතා, අනතුරුව බස් රථයේ ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ රැඳවියා බස් රථයේ තබා, වැලිගම නගරයේ වෙළෙඳසැල් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරයත්, අනතුරුව ටික වේලාවකට පසුව එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව ගොස් ඇති බවත්, එම අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ කිසියම් කාන්තාවක් හා කුඩා දරුවකු සිටි බවට වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, එහිදී බස් රථයේ සිටි දරුවා සහ කාන්තාව බස් රථය තුළ සිටි රැඳවියාගේ පවුලේ උදවිය බවට තොරතුරු ලැබී ඇති බවත්, එම පවුලේ උදවිය බස් රථයට නංවා ගැනීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගර නිලධාරින් බස් රථයෙන් බැස ගොස් ඇත්ද යන්න හා කාන්තාව හා දරුවන් බස් රථයට නංවා ගැනීම සම්බන්ධයෙන් CCTV දර්ශන සහ බුද්ධි නිලධාරින් යොදවා වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT