Local

පිරිසිදු කිරීමේ සේවිකාවක් කළ හොර වැඩේ ගුවන් තොටුපලේ දී මාට්ටු

Saturday, 10 February 2024 - 7:53 pm

රුපියල් මිලියන 58ක වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 02යි ග්‍රෑම් 750ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කි‍රීමට උත්සාහ කළ කාන්තාවක් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපොළ පිරිසිදු කටයුතුවල නියුතු පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන වයස අවුරුදු 55ක කාන්තාවක් මෙසේ අද(10) උදෑසන ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වැසිකිළියක් තුළ දී මෙම ස්වර්ණාභරණ සහ ජෙල් තොගය අඩංගු පාර්සලය වෙනත් කාන්තාවක විසින් සැකකාර කාන්තාවට ලබා දී ඇතැයි සදහන් වේ.

එය ගුවන් තොටුපොළෙන් පිටත සිටින පුද්ගලයෙකු වෙත ලබා දුන් පසු ඇයට රුපියල් හැට දහසක මුදලක් ලබා දෙන පොරොන්දුව මත තමන් මෙම පාර්සලය රැගෙන ගිය බව අත්අඩංගුවට ගත් කාන්තාව රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කාන්තාව 55 හැවිරිදි වියේ පසු වන වේයන්ගොඩ – මිරිදියලන්ද ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම සේවිකාව අත්අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් රත්‍රං තොගයට කිලෝග්‍රෑම් 1.4 ක් බරැති රන් ආභරණ සහ 95% ක් පමණ පිරිසිදු රත්‍රන් අඩංගු ජෙල් ආකාරයෙන් සකස් කළ රත්‍රන් කිලෝග්‍රෑම් 1.35 ක් වන බව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක පාලන ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT