Local

රු. 1,700ක ඉහළ දැමුණු වතු කම්කරු වැටුප ලබාදෙයි.

Tuesday, 11 June 2024 - 6:14 am

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම ඊයේ (10) සිදු කෙරුණි.

ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය අපේල් 30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් රුපියල් 1,000ක්ව පැවති වතු කම්කරු දෛනික සම්පූර්ණ වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබුණි.

කෙසේවෙතත්, ලංකා වැවිලි සමාගම සහ වතු හාම්පුතුන්ගේ සංගමය දිගින් දිගටම පැවසුවේ එවැනි වැටුප් වැඩි කිරීමකට එකඟනොවන බවය. 

මෙවන් පසුබිමක මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම රජයේ තීරණය ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා වැඩිකළ වැටුප් ලබාදීමට ඊයේ පියවර ගත්තේය.

ඒ අනුව ඊයේ පස්වරුවේ මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම් ප්‍රධාන කාර්යාලයේදී වතු කම්කරු ජනතාව වෙත වැඩි කළ දෛනික වැටුප් ප්‍රදානය කෙරුණි.

මේ අතර, වැඩිකළ රුපියල් 1,700ක දෛනික වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් පහතරට වතු කම්කරුවන්ගේ සංගමය ඇල්පිටිය නගරයේදී ඊයේ උද්ඝෝෂණයක නිරත විය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT