හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය වත්මන් ආණ්ඩුව විනාශ වීමේ ආරම්භය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
මෙම සිදුවීම තමන් හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් එවක ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වාදුන් විට අමාත්‍ය තනතුරුවලින් ඉවත් කිරීම හා සමාන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
මෙය මෙම පාලනය පුපුරායාමේ ආරම්භය වනු ඇති අතර ජනවාරි මාසය වන විට එය හොඳින් දැක ගැනීමට හැකි වනු ඇති බවත්, ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඉවත් කිරීම හරහා ආණ්ඩුව සිටින්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ බවට ඔප්පු වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේ.