Local

සංචාරක ව්‍යාපාරයට බස්-වෑන් ගෙන්වන්න අවසර හිමිවෙයි

Wednesday, 03 April 2024 - 8:28 am

සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ආසන 6 – 15 වෑන් රථ 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් බදු සහන නොමැතිව ආනයනය සඳහා මේ අනුව අවසර හිමිවනු ඇත. සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන වාහනවල කාලය වසර 06ක් නොඉක්මවීම සාමාන්‍යයෙන් සංචාරක කර්මාන්තය තුළ පිළිගත් සිරිතක් ලෙස සැලකුවද, වාහන සහ අත්‍යවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහනවල තත්ත්වය සතුටුදායක හා ප්‍රමාණවත් නොවන බවත්, යල්පැනගිය වාහන භාවිතය හේතුවෙන් ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අත්කර ගෙන සිටින කීර්ති නාමයට යම් හානියක් සිදු කරන බවත් පෙනී ගොස් ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය තුළ සංචාරක කර්මාන්තයේ දායකත්වය සැලකිල්ලට ගනිමින් එකී කර්මාන්තයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වාහන ආනයනය කිරීමේ අවශතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, විශේෂ බදු සහන ලබා දීමකින් තොරව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 – 15 වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීමට සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT