Local

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමේ වරද ලංවිම පිළිගනියි

Wednesday, 27 December 2023 - 8:30 pm

දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදුවු වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථාතත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස හදිසි විදුලි බිඳවැටීමක් සිදුවු අවස්ථාවක අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යායුතු වුවද පිරිවැය නොමැති වීම හේතුවෙන් අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යාමට නොහැකි බව එම මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යාම සඳහා පිරිවැය සොයාගැනීමට නම් එහි බරපැන ද ජනතාවට විඳදරා ගැනීමට සිදුවන බැවින් ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට එළඹීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT