Local

පාසල් දිවා ආහාරයට බිලියන 16ක් - මුළු ප්‍රාථමිකයටම ලබන වසරේ දිවා ආහාරය - සමාජ ආරක්ෂණය,පිළිබඳ අවධානය යොමු කළ අයවැයක්

Tuesday, 21 November 2023 - 5:33 pm

පාසල් දිවා ආහාරයට රු- බිලියන 16ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙන බවත් මුළු ප්‍රාථමිකයටම ලබන වසරේ දිවා ආහාරය ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ජනතාවට සහන,සමාජ ආරක්ෂණය,පිළිබඳ අවධානය යොමු කළ අයවැයක් බව සභානායක,අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය

විසර්ජන පනත් කෙටුම්පත (අය වැය ) දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

 

1983 2009 යුද්ධය් ආවසන් වෙනකම් ආර්ථිකය ගෙනිච්චේ,අයවැය පරතරයක් තිබුණා.මේක මේ හිඩැස පුරවන්නේ. ලෝකයේ තෙල් මිල ඉහළ ගියාම ඒ මිලට ලංකාවේ මිල වැඩි කළේ නෑ. සහනාධාර දුනා. ඒ බර අවේ භාණ්ඩාගාරයට. 2022 2අන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා බැංකුවටයි,මහජන බැංකුවටයි ඩොලර් බිලියන 3.5කට වඩා ණය වී තිබුණා විදේශ විනිමය හැටියට.

 

මේ සහන සියල්ල අවුරුදු කීපයක් එකතුවෙලා, මේ කියන තැනට ආවේ. එදා මහ බැංකුවටත් බෝම්බ ගැහුවා. ආර්ථිකය ඇණහිටියා දවසක් දෙකක්. දැන් මේවා අමතකයි. මේවා අවසන් නොවුණා නම්, 2009 යුද්ධය අවසන් නොඅකළා නම්, දැන් කොහොමද තත්ත්වය.සමහරුන්ට මතක නෑ.

 

88-89 කාලයේ උසාවි වැසුවේ චිට් එකෙන්. රජයේ කාර්යාල පැවැත්වුණේ නෑ. තේ ෆැක්ටරි ගිනිගත්තා. ට්‍රාන්ස්ෆෝමර් පිපිරුවා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. මේ කාලීනව රටේ ඇති වූ තත්ත්වය. ණය අරගෙන යුද්ධය කළා. සහරාන් ප්‍රහාරය බලන්න. ප්‍රධාන හෝටල්වලට ගැහුවා. සංචාරක කර්මාන්තයම ඇද වැටුණා. මේවා ආර්ථිකයට බලපෑවෙ නැද්ද. කොවිඩ් ප්‍රශ්නය.රට වසා තිබුණා. මේ රටේ නිෂ්පාදනය බිද වැටුණා. රජයේ සේවකයින්ගේ පඩි නැවැත්තුවේ නෑ. රටේ ආර්ථික සංචිතයක් තිබුණේ නෑ. ලයිට් කපන්න වුණා. විදේශ ප්‍රේෂණ නැවතුණා. අඩියෙන් අඩිය රටේ ආර්ථිකය පසුබෑවේ.

 

මෙය කළමනාකරණය කළ යුතුයි.2000-2001 ආර්ථිකය සෘණ ගියේ නැද්ද?කාබනික පොහොර ප්‍රතිපත්තිය ගෑ කියාම මාව දොට්ට දැම්මා. විදේශ විනිමය අත් හැරියා.උද්ධමනය ඉහළ ගියා.මේකට සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය තීන්දු මොනාද? 2023 අයවැය ඉතා අමාරු අවස්ථාවක ඉදිරිපත් කළ අයවැයක්. මේ වනවිට අයි.එම්.එෆ්.ගිහින් තියෙනවා. දෙවැනි කොටස ගැන ඊළඟ හයවෙනිදා පසුව තීන්දුවක් ගන්නේ. ද්විපාර්ශවික ණය පිළිබඳ සාකච්ඡා අවසන් අදියරේ තිබෙන්නේ.විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය එක පැත්තකින් යන්න ඕන. මේ හැම එකකම බර එක එක්කෙනාගේ මට්ටමින් එනවා. මීට අමතර ගෝලීය සාධකත් බලපානවා. මේ වනවිට ඩොලර් බිලියන 3.5ක සංචිතයක් ගොඩනගා තිබෙනවා. සංචාරක ව්‍යාපාරය පසුගිය මාසයේ පළමු දින 15ට 74000ක් අපේ රටට් සංචාරකයින් ඇවිත් තියෙනවා. මෙවැනි පරිවර්ථනයකට ඇවිත් තියෙනවා.දැන් කාටවත් හිතුමතේට මුදල් අච්චු ගහන්න බෑ.කාටවත් ඕන විදියට ණය ගන්න බෑ.


රටේ තත්ත්වය හොඳට තිබෙන අවස්ථාවක නෙමේ මේ අය වැය ඉදිරිපත් කරන්නේ. යුද්ධය අවසන් කිරීමත් ප්‍රශ්නයක් ඇතැමුන්ට. තීන්දු ගන්න වෙලා තිබුණේ අවස්ථාණූකූල ප්‍රශ්නයක් මතයි. ජාත්‍යන්තර ප්‍රශ්න අපට කළමනාකරණය කරන්න බෑ.ඒත් දේශීය වශයෙන් කළමනාකරණයේ දී යම් යම් තීන්දු ගන වෙනවා. සාමාන්‍ය අධ්‍යාපනය සියයට 60කට වඩා තිබෙන්නේ පළාත් සභා නවයකයි. දුෂ්කර අවස්ථාවක ආර්ථිකයේ ඉදිරි දැක්මත් මත මේ කරුණු ඉදිරිපත් කර තිබෙන්නේ. මෙය කවුරු හරි පීලි පන්නන ගියොත් කොහෙන් නතර වෙයි ද කියල අහිතා ගන්න බෑ. කවුරු බලයේ සිටියත් මෙය ඉදිරියට ගෙනි යන්න ඕන.

 

2024 වර්ෂය සඳහා අයවැයේ සම්පිණ්ඩනය ගෙන සාකච්ඡා කළොත් අයවැය ඉදිරිපත් කිරීමේ දී විශාල වෙහෙසක් දරාලා, ජනතාවට සහන,සමාජ ආරක්ෂණය,මේ පිළිබඳව අවධානය යොමු කරලා, රාජ්‍ය සේවක දීමනා ලබාදීලා,අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුරක්ෂා රක්ෂණය නැවත ආරම්භ කරනවා. ජනවාරි මාසය වනවිට පාසල් පෙළ පොත් බෙදලා අවසන් කරනවා. පාසල් දිවා ආහාරයට බිලියන 16ක් වෙන් කර තිබෙනවා. මුළු ප්‍රාථමිකයටම ලබන වසරේ දිවා ආහාරය ලබාදීමට සැලසුම් කර තිබෙනවා.පාසල් නිල ඇදුම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. දරුවන පාවන් ලබාදීමට වශ්‍ය පියවර ගෙන තිබෙනවා.පහ වසර ශිෂ්‍ය්තව ප්‍රතිඵල මාසයක් තුළ දුනා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඊළඟ දින කීපය තුළ ලබාදෙනවා. ඊළඟ පියවරට යෑමට මෙම අය වැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරය පැවසීය.

 


Top Stories
wedivistara

උතුරු මැද පළාත් 11 ශ්‍රේණියේ විභාග යළි ආරම්භ කෙරේ

wedivistara

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් 5 ක් අත්අඩංගුවට

wedivistara

ජනපති පෙබරවාරි මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

wedivistara

රේගු පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා විමර්ශනයට කමිටුවක්

wedivistara

ඡන්ද හිමි නාමලේඛණය සඳහා ලියාපදිංචිවීම මෙවර මාර්ගතගත ක්‍රමයට සිදු කෙරේ

wedivistara

"නාමල් සමග ගමින් ගමට" වැඩසටහනට ජනතාව එකතුවීම ගැන සතුටුයි - සාගර

Trending
wedivistara

සුවසැරියට නව ගිලන් රථ 150 ක් ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක්

wedivistara

සජබ හා UNP එක්ව මැතිවරණයට තරග කරනවා - රංජිත් මද්දුමබණ්ඩාර

wedivistara

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1997 කෙටි දුරකථන අංකය පොලීසිය විසින් හඳුන්වාදෙයි

wedivistara

වැටුප ගන්නේ නැත්නම්, කැන්ටිමෙන් කන්නේ, නිවාසයේ කුලිය ගෙවන්නේ කොහොමද කියලා රටට හෙළි කරන්න - ප්‍රසාද් සිරිවර්ධන

wedivistara

පැමිණිලි යොමුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

wedivistara

බහාලුම් ගැන එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර


NEWS ALERT