ගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය සියයට අනූවකින් පමණ ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පවසනවා.
එහෙත් මෙවර අවුරුද්දේ අහස්කූරු, විසිල් චක්‍ර වැනි නිෂ්පාදනයේ අඩුවක් සිදුවූ බවද ඔහු සඳහන් කර තිබෙනවා.
පසුගිය වසර කිහිපය තුළ බලනවිට මෙවර රතිඤ්ඤා අලෙවිය සාර්ථක වී තිබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.